නව කොරෝනා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා අඳුරු බව බිල් ගේට්ස් කියයි
Friday, 26 June 2020 - 10:46 | Views - 1,248
නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් මෙන්ම, එක්සත් ජනපදය තුළ වර්තමානයේදී ක්‍රියාත්මක වීමේ පින්තූරය දෙස බැලීමේදී එය තමන් බලාපොරොත්තු වූවාට වඩා අඳුරු බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.

කොවිඩ්-19 වෛරසය පරීක්‍ෂා කිරීමේ හා සම්බන්ධතා ලුහුබැඳ යාමේ ඌනතාවන් මෙන්ම, මුඛ ආවරණයක් පැලඳීමට බොහෝදෙනා උනන්දු නොවීමද මේ වනවිට ගෝලීයවත්, එක්සත් ජනපදය තුළත් වෛරසය පැතිරීම වේගවත් වීමට හේතු වී ඇති බව ගේට්ස් සඳහන් කරයි.

"මේ වනවිට එක්සත් ජනපදයේ හැසිරීම් පරාසය දෙස බැලීමේදී, සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි" ගේට්ස් පැවසීය.

"මුඛ ආවරණයක් පැලඳීම දේශපාලනික දෙයක් ලෙස සමහර අයට දැනෙනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක්" ගේට්ස් පවසන්නේ මෙය ඇමරිකාව තුළ තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top