දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි සහිත කාලගුණයක්
Friday, 26 June 2020 - 10:38 | Views - 339
අද දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වර්ෂාපතනයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, මන්නාරම සිට පුත්තලම, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article