Tiktok කරන්න ගිය සුරූපී තරුණියන් බිය ගන්වමින්, එක්වරම මතුවූ මළසිරුරක බිහිසුණු ඡායාරූප පෙළ
"ටික් ටොක්" කියන්නේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලනය කරන පිරිස් බොහෝම තදින් ඇබ්බැහි වෙච්ච එකක්.
හැබැයි මේ කතාව "ටික්ටොක්" ගැන නම් නෙවෙයි... ටික්ටොක් කරන්න ගිහින් අහම්බෙන් මළසිරුරක් බහාලූ බෑගයක් මතු වුණු හැටි ගැන අමුතුම කතාවක්.
මේ පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයේ වොෂින්ටං ප්‍රාන්තයෙන්.
පසුගිය සිකුරාදා දින රාත්‍රීයේ මෙම ගමන් මල්ල හමුවී ඇති අතර තරුණයින් විසින් කම්පන සහගත වීඩියෝ කිහිපයක් ද ඒ සමඟ මුදා හැර තිබෙනවා.
සමාජ මාධ්‍ය පරිශීලනය කරන පිරිස් මෙම වීඩියෝ සඳහා 'crime' සහ 'murder' (අපරාධ හා මිනීමැරුම්) යන හෑෂ් ටෑග් පාවිච්චි කර තිබුණා.
"අපි තමයි මේ කළු සූට්කේස් එක සොයාගත්තේ.. අපි හිතුවේ ඒකේ මුදල් ඇති කියලයි.."
ඒත් එකපාරම "ඒක අරින්න..!! ඒක ගඳයි.."
පසුව ඔවුන් පවසා තිබුණේ ඔවුන් දුටු දෙයින් ඉතාමත් කම්පනයට පත් වූ බවයි.
පසුව ඔවුන් විසින් පොලිසියට මෙම සිදුවීම දැනුම් දුන් පසු පොලිසිය වහා අවුත් මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ මරණය කෙසේ වුවාද? මිනීමැරුමක්ද? මෙසේ මරණයට පත්ව ඇත්තේ කවුරුන්ද? යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර පොලිසිය පැවසුවේ ඒ පිළිබඳව පර්යේෂණ තවමත් සිදු කෙරෙමින් පවතින බවයි.
Dailymail ඇසුරිනි.