පුංචි උන් 'බ්ලූ ෆිල්ම්' බැලුවොත්, නිරුවතින් ගෙදරටම ඇවිත් දෙමවුපියන් සප්‍රයිස් කරන, 'පෝර්න් ඇක්ටර්ස්ලා' - Video
"ඔයාගේ පුතා මේ දැන් අපිව අන්තර්ජාලයේ හොයමින් හිටියා.."
"ඉතින්..? ඔහු ඔන්ලයින් ඇවිත් ඔබ දිහා බලනවද?"
නවසීලන්ත අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ, මහජන දැන්වීමක්, විශාල වශයෙන් මේ වනවිට ජනගත වෙලා තියෙනවා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ යුවළක් (නිල් චිත්‍රපට නළුවෙකු හා නිළියක්) සම්පූර්ණ නිරුවතින් මවක් සොයා නිවසකට පැමිණිමයි.
"අපි ආවේ ඔයාගේ පුතා මේ දැන් අපිව අන්තර්ජාලයේ හොයපු නිසයි.." ඔවුන් මේ මවට එහෙම කියනවා.
"ඉතින්..? ඔහු ඔන්ලයින් ඇවිත් ඔබ දිහා බලනවද?"
"ඔව්.. ඔහුගේ ලැප්ටොප් එකෙන්. අයිපෑඩ් එකෙන්. ප්ලෙස්ටේශන් එකෙන්.. ඔහුගේ ෆෝන් එකෙන්.. ස්මාර්ට් ටීවී එකෙන්. ප්‍රොජෙක්ටර් එකෙන්... අපි සාමාන්‍යයෙන් කරලා පෙන්වන්නේ වැඩිහිටියන්ට.. ඒත් ඔබේ පුතා ළමයෙක්.."
"අපි කැමැත්ත ගැන කතා කරන්නෙවත් නැහැ නේද? නැහැ.. අපි කෙළින්ම එතැනට යනවා. ඒත් අපි සැබෑ ජීවිතයේදී එසේ කරන්නේ නැහැ.."
මේ.. දරුවන් අන්තර්ජාලය ඔස්සේ "පෝර්න්" (අසභ්‍ය චිත්‍රපට) බැලීම ගැන වීඩියෝවක්.
ඉතින් ඇත්තටම මේ දැන්වීම මොන විදිහේ දෙයක් ද කියලා ඒක නිර්මාණය කරපු අය මේ විදිහේ අදහස් දැක්වීමක් කරනවා.
"මෙය දෙමව්පියන්ට අවබෝධ කරවීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔන්ලයින් පරිසරයේ ඇති ප්‍රධාන ගැටළු හා අවදානම ගැන දෙමව්පියන් දැනගත්තා..."
"අපි දන්නවා පොඩි ළමයිට වැරදිලා අසභ්‍ය චිත්‍රපටි හමු වෙනවා. එය ඔවුන්ට සැරව දැනෙන විශ්මය ඇති කරවන දෙයක්. අවුරුදු දහයෙන් පසු මුල් අවධියේ හිතාමතාම ඒවා වෙත පිවිසෙන බව අපි දන්නවා. ඒ.. ඒ ආකාරයට සෙක්ස් ගැන ඉගෙන ගන්න, ඒක හොඳ කාලයක් නෙවෙයි.."
"මේ දේවල් ගැන ඔබේ දරුවන් සමඟ කතා කිරීම වැදගත්. ඔවුන් ඔන්ලයින් කොහෙද යන්නේ කියන එක.. ඔන්ලයින් දකිනවට වඩා සැබෑ ජීවතේ කොහොමද කියන දේ..? දරුවන් සමඟ කතා කළ යුතුයි.. "
(මෙම ලිපිය 'BBC සිංහල' මුහුණු පොතේ පළවූ වීඩියෝවක් ඇසුරින් සකස් කරනු ලැබූවකි.)