අවුරුදු 65 පැනලත් නාකි විසේ අඩු නොවුනු, ඩග්ලස්ගේ අමුතු සෙල්ලම් ගැන බිරිඳ හෙළි කළ කතාව
Thursday, 25 June 2020 - 10:01 | Views - 3,188
ඔහු නමින් ඩග්ලස්. වයස අවුරුදු 65යි. දියණියක් හා පුතෙක් සිටින දෙදරු පියෙක් වූ ඩග්ලස් රැකියාව ලෙස කළේ ගොවිකම. ඔහු නියම ගොවියෙක් වුවත් දරුවන්ට හොදින් අධ්‍යාපනය ලබා දුන්නා. හොදින් ඉගෙන ගත් දරුවන් දැන් උසස් රැකියාවන්වල නිරත වෙනවා. ඒ වගේම ඔවුන් විවාහකයි. ඔවුන්ටත් දරුවන් සිටිනවා. මිණිපිරියක හා මුණුපුරන් තිදෙනෙක්ට ආදරණිය සීයා වුණු ඩග්ලස්ට ගොවිකමෙන් උපයාගත් ධනය තිබු නිසා ඔහු පහුගිය කාලයේම කුඹුරට බැස්සෙවත් නැහැ. එළවළු වගා කරන එකත් අමතක කරලා දැම්මා.

බිරිද එක්ක ගෙදරට වෙලා හිටපු ඩග්ලස් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ බව බිරිදට හොදින් වැටහුණා. වෙනදට කඩපිලට, ටවුමට යන්න අදිමදි කරපු ඩග්ලස් නිතරම එහේ මෙහේ ඇවිදින්න පටන් ගත්තා. දවස ගානේ අලුත් අලුත් ඇදුම්වලින් සැරසිලා තරුණයෙක් වගේ කණ්නාඩියෙන් මුහුණ බල බලා තනියම හිනා වේවි මොනවදෝ දොඩවන්න පටන් ගත්තා. සති දෙක තුනක විතර සිට ඩග්ලස්ගේ තිබෙන මේ වෙනස ඔහුගේ බිරිද දරුවන් දෙන්නට කිව්වා. දරුවෝ දෙන්නා දවස් කිහිපයක්ම ගෙදරට එද්දී ඔහු ගෙදර හිටියේ නැහැ. ඩග්ලස්ගේ දරුවෝ දෙන්නා පවුල් පිටින් සති අන්තයක ගෙදර ආවා.
 
"මගේ මහත්තයා ඩග්ලස් හරිම හොද කෙනෙක්. මාව විවාහ කරගත්තට පස්සේ තිබ්බ සම්බන්ධතා නතර කරලා මාත් එක්ක හොදින් ජිවත් වුනා. අපි දෙන්නාගේ වයස් පරතරය අවුරුදු 6යි. මට වඩා වැඩිමහල් කෙනෙක් නිසා එයා මාව විතරක් නෙමෙයි දරුවෝ දෙන්නවත් හොදින් බලා ගත්තා..දරුවෝ දෙන්නා විවාහ වෙලා කොලඹ ඉන්න නිසා ගාල්ල පොද්දල ගමේ අපි හිටපු ගෙදර හිටියේ මමයි මහත්තයයි විතරයි.. මාස තුන හතරක ඉදලා මහත්තා වෙනස් කියලා මට තේරුනා.. ගෙදර ඉද්දි සරමක් ඇදලා අත්කොට ෂර්ට් එකක් සාමාන්‍යයෙන් අදින්නේ..ගමනක් බිමනක් ගියත් අදින්නේ සරම් තමයි..වෙඩින් එකකට ගියොත් විතරයි කලිසම් අදින්නේ..එහෙම හිටපු මහත්තයා ගෙදරට කොට කලිසම් අදින්න පටන්ගත්තා..ෂර්ට් එක වෙනුවට අත්කොට බැනියම් ඇන්දා..කඩේකටවත් යවා ගන්න අමාරු මනුස්සයා හැමදාම එහෙ මෙහේ යන්න පටන් ගත්තා..ඒ යනකොට අදින්නේ කලිසම්..පාට පාට ලස්සන අත්කොට කමිස අදින්නේ, ඒවත් ලිනන් ඒවා..සෙන්ට් ගාලා දෙතුන් වතාවක් කන්නාඩියෙන් මුණ බලලා තමයි ජෙල් කරලා කොන්ඩේ පීරලා තමයි යන ගමන යන්නේ..දවසක් දෙකක් යද්දී මොකක් හරි වෙනසක් තියෙන බව මට තේරුනා..මම දැන් තරුණ වෙලා ලස්සන වෙලා නේද කියලා අහනවා හිනා වෙලා..

මට මේ මනුස්සයා ගැන පුදුම සැකයක් ආවේ..සතියකට ඇදුමක් දෙකක් ගේනවා..දෙපාරක් තුන්පාරක් ඇන්ද ඇදුම් පැත්තකට දාලා තිබ්බා..ගොවිකම් කරත් මහත්තයා එකතු කරලා තිබ්බ සල්ලි බැංකුවේ තැන්පත් කරලා තිබ්බේ.. මට සැකයක් ආවා මෙයාට ඇදුම්, වයිවාරන සපත්තු බෙල්ට්, එහෙම කොහෙන්ද කියලා.. මාසයක් විතර බලලා මම දුවටයි පුතාටයි කිව්වා.. තාත්තාගේ හැසිරීම වෙනස් උදේ ගෙදරින් ගියාම රෑට ගෙදර එන්නේ..කොහේ යනවද කියලා දන්නේ නැහැ..මට සැකයි වෙන සම්බන්ධයක් තියෙනවද කියලා..එයාලට කිව්වා..දුවයි පුතයි අපිව බලන්න නිතරම එනවා..එයාලා ඇවිත් ඇහුවා මොකද තාත්තේ මේ අම්මා කියන කතාව ඔයා කොහෙද යන්නේ කුඹුරේ වැඩ නොකර කියලා..එතකොට කිව්වා මම උඹලගේ ඒවා හොයන්නේ නැහැනේ..මම ගැන මොකටද හොයන්නේ..මට කුඹුරේ මඩගාගෙන තවත් නැහෙන්න බැහැ කියලා.. ඊට පස්සේ පුතා කිව්වා කුඹුර එහෙනම් අදට දෙන්න කියලා..අක්කර දෙකක් විතර ඉඩම අපරාදේ කියලා...මම කරන දෙයක් මම කරන්නම් මගේ දේවල් ඒ උබලා වැඩක් බලාගනින් කිව්වා..පුතා කිව්වා මොකක්ද තාත්තේ නාකි විසේ ගහලා ගමම කතා කියනවා කියලා කිව්වා.. ඒ වෙද්දී ගමේ මිනිස්සු ඩග්ලස් ගැන එක එක කතා කිව්වා..එතකොට කිව්වා උන්ට මගෙන් සල්ලි ගද්දි මාව හොදයි කියලා.."

ඩග්ලස් ඉතුරු කරගෙන තිබු මුදලින් ඇදුම් පැළදුම් ගෙන ගමේ කවුරුන් හෝ මුදල් ඉල්ලද්දී ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා දී තිබුනා. ඒ අතර වයස අවුරුදු 45ක කන්තවකටත් ඔහු රුපියල් පනස් දාහක් දී තිබුනා.. ඒ වගේම ඒ කාන්තාවගේ සැමියා නැති නිසා ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගෙන ගොස් ලබා දෙන්නත් ඩග්ලස් අමතක නොකළ නිසා ගමේ මිනිස්සු ඩග්ලස්ට ඇය අල්ලා පදයකුත් ගසා තිබුනා. ඔය අතරතුර ගමේ තරුණයින් කිහිප දෙනෙක් සමග පමණක් නොව කාන්තාවන් කිහිප දෙනෙක් සමගත් වාද කරගන්නට ගොස් රණ්ඩු වී තිබුනා. ගමේ මිනිසුන් ඒ ගැන ඩග්ලස්ගේ බිරිදට විටින් විට විවිධ කතා කියූ නිසා ඇය ඔහුට හොර රහසේ ඔහු යන එන තැන් මුණගැසෙන මිනිසුන් ගැන හොයන්න පටන්ගත්තා.

"කතා අහන්න බැරිම තැන මම ඩග්ලස් යන එන තැන් හොයලා බැලුවා..දවසක් ගමේ ඉන්න නිලූ මට කෝල් කරලා කිව්වා ඇන්ටි දැන්ම එන්න පහළ කඩේ ගෙදරට එන්න අංකල් චන්දනිගේ ගේ අස්සට ගියා කියලා..මමත් හිටපු ඇදුම පිටින්ම දොරවල්වත් වහන්නේ නැතුව පාරට දිව්වා..පහළ කඩේ ගෙදර චන්දනිගේ මනුස්සයා මැරිලා..එයා කඩේ කරගෙන දරුවෝ දෙන්නව බලාගන්නේ..කඩේ චාන්දනී ඉන්නවා මම දැක්කේ නැහැ..මම එකපාරටම ගේ ඇතුළට ගියා..යද්දී ඩග්ලස් දරුවෝ දෙන්නා එක්ක කතා කර කර ඉන්නවා..මාව දැකලා එයා බය වුනේ නැහැ..හිනා වුනා..මොකද නෝනේ මේ හතිදාගෙන කියලා ඇහුවා..මම කිව්වා කඩේට ආපු ගමන් කියලා..එහෙනම් යමු..මම මේ එන ගමන් පොඩි උන් දෙන්නා බලන්න ආවා කිව්වා..එතන චාන්දනී හිටියේ නැහැ..යන ගමන් මම කඩේට එබුනා චාන්දනී කඩේ බිම දිගාවෙලා බුලත් විට හදනගමන් හිටියා..ඊට පස්සේ හොයලා බැලුවම ඩග්ලස්ගේ වෙන සම්බන්ධයක් ගැන හොයා ගන්න බැරි වුනා..පුතා කිව්වා තත්ත්ව හොස්පිටල් එකට එක්කගෙන යමු කියලා..ඒ විදිහට තමයි කරාපිටිය හොස්පිටල් එකට ගියේ.."

"ඔය කියන පුද්ගලයා රෝහලට එක්කගෙන ආවේ දරුවෝ..තාත්තගේ වෙනසක් තියනවා කියලා ප්‍රතිකාර කරන්න ආවේ..රෝහලෙන් මනෝ විද්‍යා අංශයට යොමු කළා..අපිට වෙහෙසක් ගන්න වුනා මෙයා මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්ද කියලා හොයන්න..සාමාන්‍ය විදිහට එයාව දැක්කේ..කිසිම රෝග ලක්ෂණයක් බාහිරින් පෙන්නේ නැහැ..ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ම කළා. මොළේ CT scan පරීක්ෂණයක් වගේම තයිරොක්සින් හෝමෝන පරීක්ෂාවක් ඇතුළු තවත් පරීක්ෂණ කිහිපයක් කළා..එයාට අමතක වීමක් තිබ්බා..ඩ්මෙන්ෂියව නෙමෙයි..සාමාන්‍යයෙන් ඔහුට හැදුන රෝගය එන්නේ තරුණයින්ට..කලාතුරකින් තමයි වැඩිහිටියෙකුට ඇති වෙන්නේ.. ඒ තමයි මේනියා කියන මානසික රෝගය.. අධිතක්සේරුවෙන් හිතීම, තරුණ යැයි සිතා කටයුතු කිරීම, නැති හැකියාවන් ඇති බවට සිටීම, ශරීර ශක්තිය අසාමාන්‍ය විදිහට වැඩියි කියලා සිතීම, කතාව වේගවත් වීම, නින්ද නොයාම, වාද වල පැටලීම, අනවශ්‍ය අධික කෝපය, අනවශ්‍ය වියදම් කිරීම, අධික ලෙස අවධානය ගන්න කටයුතු කිරීම, ඇතැම්විට ලිංගික අපචාර සදහා යොමු වීම වගේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. මේනියා රෝග ලක්ෂණ සියල්ල ඔහුට තිබුනා..පසුව ඔහුව හදුනාගෙන ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා..සති කිහිපයකින් ඔහු සාමාන්‍ය තත්ත්වයට ආවා..නමුත් සම්පුර්ණ සුවය ලබන්න ඔහුට වර්ෂයකට ප්‍රතිකාර නියම කළා..

ඕනෑම කෙනෙකුට ඇති වෙන විවිධ හේතු නිසා හෝමෝන වෙනස්කම් නිසා, මානසික ආබාධ ඇති වෙන්න පුළුවන්..ඒ නිසා කාගේ හෝ වෙනසක් දැක්කොත් නොසලකා හරින්නේ නැතුව ප්‍රතිකාර සදහා යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ..ඔහු වහාම රෝහල වෙත යොමු කල නිසා ඔහුට යථාතත්වයට පත්වෙන්න පුළුවන් වුනා.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
නම් ගම් මන:කල්පිතයි









Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top