සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි
Thursday, 25 June 2020 - 7:00 | Views - 4,942
හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූරියන් එෆ්.එම්. හි ආරම්භක වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කළ සින්නයියා නඩරාජසිවම් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.
ඒ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදියි. අභාවප්‍රාප්ත වනවිට 74 වන වියේ පසුවූ ඔහු සූරියන් එෆ්.එම්. නාලිකාව සමඟ සම්බන්ධ වන්නේ 1998 වසරේදියි.
ඔහු සිංහල සහ දෙමළ ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
සින්නයියා නඩරාජසිවම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
Share This Article