හොරණදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට හෙළිවේ
Wednesday, 24 June 2020 - 16:48 | Views - 500
හොරණ - බොරළුගොඩ ප්රදේශයේදී පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බණ්ඩාරගම සහ අවට ප්රදේශවල දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ වී ඇති බවට හෙළිවී තිබෙනවා.
ඒ, අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදියි.
22 සහ 25 වන වියේ පසුවන ඉංගිරිය ප්රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ඉකුත් විසිවනදා හොරණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් තොගයක් ද සමඟයි.
පසුගිය මැයි මස බණ්ඩාරගම සහ බුලත්සිංහල නගරයේදී සිදුවූ ත්රිරෝද රථ කොල්ල කෑමේ සිද්ධීන්ට මොවුන් දෙදෙනා සම්බන්ධ බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.
Share This Article