අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් මහ මැතිවරණයෙන් පසු
Wednesday, 24 June 2020 - 15:06 | Views - 8,991
අභ්‍යාසලාභී උපාධිධාරීන් 47,000කට පසුගියදා යොමුකළ පත්වීම් ලිපිවලට අමතරව තවත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 7,000 කට අදාළ පත්වීම් ලිපි මැතිවරණයෙන් පසු යොමුකිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණයෙන් සති දෙකකට පසු අදාළ පත්වීම් ලිපි ඔවුන්ට ලැබීමට සළස්වන බවයි.
Share This Article