පාස්කු බෝම්බකරුවෙකු රිෂාඩ් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි
Wednesday, 24 June 2020 - 14:52 | Views - 445
වරෙන්තු ලැබ පොලිසීය මගහරිමින් සිටි සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උපකාර කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් යැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිය යළි තහවුරු කරනු ලැබුවා. ඒ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද එම පුවත අසත්‍ය බවට රිෆ්කාන් බදියුදින් යොමු කළ ලිපියක් ජනාධිපති කොමිසම යළි සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේ දීයි. 2017 වසරේ මාර්තු මස කාත්තන්කුඩි හි ඇතිවූ ගැටුමකින් පසු වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා පෙරේදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා. කෙසේ වෙතත් ඒ පිළිබඳ විකාශය කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් රිෆ්කාන් බදියුදින් ජනාධිපති කොමිසමට ඊයේ පස්වරුවේ ලිපියක් යොමු කර තිබුණා. එම ලිපිය මගින් රිෆ්කාන් බදියුදින් සඳහන් කර තිබුණේ තම සහෝදර රියාජ් බදියුදින් මේ වන විට අත්අඩංගුවේ පසුවුවද, තමන් කිසිදු දිනක සහරාන් හෂීම් මුණ නොගැසුණු බවයි.

එම ලිපිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සහරාන් හෂීම්ට ඉන්දියාවට පළායාමට රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට ඉතා පැහැදිලි බුද්ධි තොරතුරු ලැබුනේයැයි සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයා ඊයේ දෙවන දිනටත් කොමිසමට අවධාරණය කළා අදාළ තැනැත්තා එවක උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු පැවසුවා. එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් 2019 මාර්තු 22 වනදා එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුම්වත් කළ බවයි ඔහු කොමිසම හමුවේ කියා සිටියේ. මේ අතර, සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් මොහොමඞ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඞ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවින්ද්‍ර ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. එහිදී ඔහු සදහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඞ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතෙකු වන මෙම සිනමන් ග්‍රෑන්ඞ් ප්‍රහාරකයා කොලෝසස් ක්‍දකදිමි නම් ආයතනයක් හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතා යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් උද්ගතවු අවස්ථාවක මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතා හමුවී එම ගැටළුව නිරාකරණය කරගෙන ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළා. ඔහු කියා සිටියේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ ප්‍රමාණාත්මක ක්‍රමවේදයක් පවතින අවස්ථාවක අනෙකුත් ආයතන සදහා 0.5% ක ප්‍රතිශතයක අබලි ද්‍රව්‍ය නිකුත් කරමින් මෙම ආයතනයට පමණක් 2017 වර්ෂයේදි 17% ක ප්‍රමාණයක් හා 2018 වර්ෂයේදි 35% ක ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි. සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ ප්‍රහාරකයා වන ඉන්ෂාෆ් අහමඞ් තඹ ව්‍යාපාරයෙන් ඉපයු රුපියල් කෝටි 4 1/2ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුමෙන් ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 10වන දින අවසන් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි. මේ අතර සිනමන් ග්‍රෑන්ඞ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඞ් මරාගෙන මැරෙන ප්‍රහාරයකයාගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. බෝම්බකරු ප්‍රහාරයට පෙරදින කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඇතුලු‍ ස්ථාන රැසකට ගොස් ඇති බව එම දර්ශනවලින් අනාවරණය වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top