මීටරයක් දුරින් ඉන්න නීතිය ගෙදර එක්කෙනාට කලින් උගන්නලා තිබුණා නම්, අපට මෙහෙම වෙන්නේ නෑ
Wednesday, 24 June 2020 - 14:27 | Views - 512
මීටරයක් දුරින් ඉන්න..!" , "මුඛ ආවරණ පළඳින්න.." වැනි නීති රීතින් කොරෝනා නිසාවෙන්ම අපිට ලැබුණූ දේවල්.. ඉතින්.. මේ නිසාම වුණු අපූරු සිදුවීමක් ගැන ලංකාදීප පුවත්පතේ "ශනිදා සාදයේ" පළවී තිබුණා.

සෞඛ්‍ය සායනයට පැමිණි ගැබිනි මවකගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ පළාතේ වෙරළබඩ සෞඛ්‍ය මධ්‍යස්ථානයකින්..
 
මව්වරුන් සඳහා වූ මෙම සායනය ආරම්භයේදීම සෞඛ්‍ය නීති රීති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ නිලධාරිනිය මව්වරුන්ට කීවේ මුඛ ආවරණ හා මීටරයේ දුරස්ථභාවය හැමවිටම ආරක්ෂා කර ගත යුතු බවයි.
 
"ගෙදරදීත් එහෙම ඉන්න ඕනෑද?" යැයි එක කාටකාර මවක් විමසුවෙන් ඇය කීවේ, "පුළුවන් නම් හොඳයි" කියායි.
 
එවිට එම මව අසළ සිටි තවත් මවකට කිසිවක් කීවෙන් රැස්ව සිටි කීප දෙනෙක් අතින් කට වසාගෙන සිනාසුණා.
 
එය නිලධාරිණියට නෑසුනත් විමතියට පත් ඇය ඒ ගැන විමසුවා. කටකාර මව නිහඬ වුවත්, ඒ අසළ සිටි මවක්, "මිස් මෙයා කියනවා මේ නීතිය ගෙදර එක්කෙනාට කලින් උගන්නලා තිබුණා නම් අපට මෙහෙම වෙන්නේ නෑ කියලා" කීවෙන් සියල්ලෝම මුහුණු සඟවා ගත් අතර නිලධාරිනිය මොහොතක් යනතුර හොල්මන් වී සිටියේ ඊට සුදුසු පිළිතුරක් කීමට නොහැකි වූ නිසාලූ.
 
උපසේන ලියනගම
(ලංකාදීප පුවත්පත.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top