මත් වී සිටි තරුණයින් තුන්දෙනෙකු සමඟ නිරුවත් වුණු, පිළිමතලාවේ සිසුවියන් තිදෙනා
Wednesday, 24 June 2020 - 14:07 | Views - 3,196
මහනුවර පොලිස් බල ප්රදේශයේ නිවසක සිටියදී හෙරොයින් සමඟ මහනුවර පොලිස් මුලස්ථානයේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පිළිමතලාවේ පදිංචි සිසුවියන් තිදෙනා සහ ඔවුන් සමඟ සිටි තරුණයින් තිදෙනා ශරීර ඇප මත මුදාහරින ලෙස මහනුවර අතිරේක මහේස්ත්රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළා.
මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් මෙම සැකකාරියෝ හා සැකකරුවෝ 'බී' වාර්තා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ශරීර ඇප මත මුදාහරින ලද සියලු දෙනාට යළිත් ජූලි මස 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්රාත්වරිය නියෝග කළා.
පොලිසිය වැටලීම සිදු කරද්දි සිසුවියන් හා තරුණයන් නිරුවතින් සිටි බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
(ජේ. ඒ. එල්. ජයසිංහ - උපුටා ගැනුම ලංකාදීප පුවත්පතෙන්.)
Share This Article