විවාහයෙන් වසර 19කට පසු තම විවාහක බිරිඳ උපතින් පිරිමියෙකු බව දැනගත් සැමියා කළ දේ
Wednesday, 24 June 2020 - 13:11 | Views - 440
විවාහයෙන් වසර 19කට පසුව තම බිරිඳ උපතින් පිරිමියෙකු බව ඇයගේ සැමියා විසින් අනවාරණ කරගෙන තිබෙනවා.
 
එය දැනගැනීමත් සමඟ 64 හැවිරිදි වියෙහි පසු වන බෙල්ජියම් ජාතික යාන් මානසික පීඩනයකට පත්වූ  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොනිකා නමැති කාන්තාවක  සමඟ ඔහු විවාහ වූයේ 1993 වසරේදීයි.
 
යාන්ගේ පෙර විවාහයෙන් දරුවන් සිටි බැවින් මොවුන් දෙදෙනා දරුවන් නොලැබීමට තීරණය කර තිබු බව ද සඳහන්.
 
මොනිකා එම දරුවන්ගේ වැඩිමල් සහෝදරිය ලෙස කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, ඇය පූර්ණ කාලීන රැකියාවකට පිටත්ව යාමත් සමඟ මෙය වෙනස් වූ බව යාන් ප්‍රකාශ කළා.
 
යාන්ගේ වැඩිමල් පුතා මොනිකා රාත්‍රී සමාජ ශාලාව සිටි බව දුටු බවත්, ඇය අතිශය කෙටි හා දීප්තිමත් ඇඳුමින් සැරසිරි සිටින බවත් ඔහු දැක තිබුණා.
 
එමෙන්ම මොනිකාගේ පරිගණකයේ වෙනත් පුද්ගලයින් යොමු කරනු ලැබු කාමුක පණිවුඩ සොයාගැනීමත් සමඟ ඇය සම්බන්ධයෙන් වන සැකය අධික වූ බව ද සඳහන්.
 
යාන්ගේ පුතා හට ද එම අවස්ථාව වනවිට ඇය සැත්කමක් සිදු කර කාන්තාවක් බවට වෙනස්වී ඇතැයි යන පණිවුඩය ලැබි තිබුණා.
 
අනතුරුව අඹුසැමියන් අතර ඇති වූ දබරයකදී ඇය ප්‍රකාශ කර තිබුණේ, තමන් උපතින් පිරිමියෙකු බවයි.
 
කෙසේ වෙතත්, තමන් සැත්කමක් සිදු කරමින් මෙලෙස වෙනස් වූ බවයි සිය සැමියා වෙත කියා සිටියේ.
 
ඇය සතුව කිසිදු පුරුෂ ගත ලක්ෂණ නොතිබු බවත්, නිදි යහනේදී වුවත් වෙනසක් නොදුටු බවත් ජෑන් ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත් අදාළ කාරණය සම්බන්ධයෙන් යාන් උසාවියේ නඩුවක් ගොනු කර ඇත්තේ, තමන්ට වංචාවක් සිදු කර ඇති බැවින් ඊට අදාළ වන්දි ගෙවන ලෙසයි.
 
වසර ගණනාවක් ඇය සමඟ ජීවත්වීම හේතුවෙන් තමන්ගේ ජීවිත සහ දරුවන්ගේ ජීවිතය විනාශයට ඇද දැමුණු බවයි යාන් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.
 
අදාළ සිදුවීම 2012 වසරේදී ලොව පුරා සියලු දෙනාගේම අවධානයට යොමු වුණා.
 
විදෙස් මාධ්‍ය ඇසුරෙන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top