දියණිය එක්ක නිවසේ හිටපු, තිදරු මවක් වූ චූලාට, අනියම් සැමියා ඇසිඩ් ගසා කළ අපරාධය
Wednesday, 24 June 2020 - 12:26 | Views - 1,509
පනස්තුන් හැවිරිදි කාන්තාවකට ඇයගේ අනියම් සැමියා විසින් පසුගියදා (22දා) ඇසිඩ් ගැසීමෙන් තුවාල ලබා ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බඩල්කුඹුර බුත්තල පාර, 5 කණුව ප්රදේශයේ පදිංචි ඩී.එම්. චූලා අබේසිංහ (53) නමැති වැන්දඹු තිදරු මවක්.
ඇයගේ ස්වාමිපුරුෂය මිය යෑමෙන් පසු අනියම් ස්වාමි පුරුෂයකු සමඟ ජීවත් වූ ඇය දෙදෙනා අතර ඇති වූ පවුල් ආරවුලකින් පසුව දියණියගේ නිවෙසට ගොස් ඇති බව සඳහන්.
ඇය දියණියගේ නිවෙස පිහිටි ඉඩමේ වැඩ කරමින් සිටියදී පැමිණ ඇති අනියම් පුරුෂයා ඇය සමඟ බහින්බස් වී අතේ තිබූ ඇසිඩ් ටින් එකකින් මුහුණට ගසා තිබෙනවා.
ඇසිඩ් දියරවලින් ඇයගේ මුහුණ පිලිස්සී ඇති බවයි වාර්තා වන්නේ.
ඇය දැනට බුත්තල රෝහලේ ප්රතිකාර ලබමින් පසු වනවා.
සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්...
Share This Article