දියණිය එක්ක නිවසේ හිටපු, තිදරු මවක් වූ චූලාට, අනියම් සැමියා ඇසිඩ් ගසා කළ අපරාධය
Wednesday, 24 June 2020 - 12:26 | Views - 1,510
පනස්තුන් හැවිරිදි කාන්තාවකට ඇයගේ අනියම් සැමියා විසින් පසුගියදා (22දා) ඇසිඩ් ගැසීමෙන් තුවාල ලබා ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසනවා.
 
මෙලෙස තුවාල ලබා ඇත්තේ බඩල්කුඹුර බුත්තල පාර, 5 කණුව ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. චූලා අබේසිංහ (53) නමැති වැන්දඹු තිදරු මවක්.
 
ඇයගේ ස්වාමිපුරුෂය මිය යෑමෙන් පසු අනියම් ස්වාමි පුරුෂයකු සමඟ ජීවත් වූ ඇය දෙදෙනා අතර ඇති වූ පවුල් ආරවුලකින් පසුව දියණියගේ නිවෙසට ගොස් ඇති බව සඳහන්.

ඇය දියණියගේ නිවෙස පිහිටි ඉඩමේ වැඩ කරමින් සිටියදී පැමිණ ඇති අනියම් පුරුෂයා ඇය සමඟ බහින්බස් වී අතේ තිබූ ඇසිඩ් ටින් එකකින් මුහුණට ගසා තිබෙනවා.
 
ඇසිඩ් දියරවලින් ඇයගේ මුහුණ පිලිස්සී ඇති බවයි වාර්තා වන්නේ.
 
ඇය දැනට බුත්තල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වනවා.
 
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top