මොනරාගල බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ (23) පස්වරුවේ දී මෙම රැදවියා විසින් බන්ධනාගාර රෝහල් වාට්ටුව තුළ දී ගෙල වැලලාගෙන ඇති අතර පසුව ඔහු මොනරාගල මහ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මෙම රැඳවියා මීට පෙර අවස්ථාවකදී ද බන්ධනාගාරය තුළ දී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරනු ලබූ රැදවියෙකු වන අතර ඔහු බකිණිගහවෙල, මැදගම පදිංචි වයස අවුරුදු 39 පුද්ගලක්.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල බන්ධනාගාරය සහ මොනරාගල පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.