කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් 9 දෙනාට ඇප
Wednesday, 24 June 2020 - 10:39 | Views - 367
කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සවි කර තිබූ සී.සී. ටීවී කැමරා පද්ධතිය ගලවා රුපියල් 26 ලක්ෂයකට අධික අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.
පසුගිය පෙබරවාරි මස 24 වන දා සැකකරුවන් විසින් මෙම සී.සී. ටීවී කැමරා ගලවා ඉවත් කර තිබූ අතර, පෙරේදා මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 22, 23 සහ 25 යන වයස්වල පසුවන සිසුන් 9 දෙනෙක්.
Share This Article