උතුරු කොරියාව යුධමය ක්‍රියාමාර්ගයක් හකුළා ගනී
Wednesday, 24 June 2020 - 9:07 | Views - 397
උතුරු කොරියාව, දකුණු කොරියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සැලසුම් අත්හිටුවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ බලධාරීන් සමඟ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.
දෙරට අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේ සිය හමුදා මෙන්ම යුද උපකරණ ස්ථාපිත කරන බවට පසුගිය දා උතුරු කොරියානු නායකයා අනතුරු අගවා සිටියේ දකුණු කොරියාවේ සිට දේශපාලනික මතවාදයන් විවිධ ස්වරූපයන්ගෙන් උතුරු කොරියාව වෙත පැමිණීම හේතුවෙන්.
Share This Article