ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් සිරුරට ගිනි තබාගෙන ජිවිතක්ෂයට
Wednesday, 24 June 2020 - 8:23 | Views - 567
ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් තරුණියක් තම සිරුරට ගිනි තබාගැනීමෙන් ඊයේ (23) ජිවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා.
පොලීසිය පැවසූවේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණියක් එලෙස සිරුරට ගිනි තබා ගැනීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
තරුණිය පසුගිය 21 වැනිදා සිරුරට ගින තබාගෙන රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, අච්චුවේලි පොලිසියයි සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහයවන්නේ.
Share This Article