පාතාල කණ්ඩායම් 17 ක් සොයා පොලීසිය බස්නාහිර සහ දකුණ පීරයි
Tuesday, 23 June 2020 - 19:33 | Views - 1,416
බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි 17 ක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රකාශ කළා.
ඒ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මිලියන 120 ක් තැන්පත් කළ ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ සියලුම දේපළ ඉදිරියේදි රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
Share This Article