සැකයක් දුරදිග ගිහින් අනියම් බිරිඳගේ ගෙල සිරකර මරාදැමූ හැටි දෙදරු පියා පොලිසියේදී වමාරයි
Tuesday, 23 June 2020 - 15:38 | Views - 1,206
අනියම් බිරිඳව ගෙල මිරිකා මරා දමා පලාගිය පුද්ගලයෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ළහිරුද සිල්වා මහතා උඩප්පුව පොලීසියට 22දා නියෝග කළා.

මෙම ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකරමින් එසේ විවෘත තීන්දුවක් දෙනු ලැබුවා. තවද මෘතදේහය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද පොලීසියට දැන්වූවා.
 

මෙසේ ගෙල මිරිකා මරාදමා ඇත්තේ උඩප්පුව පල්ලිවාසල්පාඩුව පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ වින්ද්‍යා සුභෝදනී නැමති 22 හැවිරිදි එක් දරු මවක්. මරණකාරියගේ මුල්විවාහයේ ස්වාමියා මියගොස් ඇති අතර ඔහුට දාව තුන්හැවිරිදි දියණියක සිටිනවා.

ඔහුගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර අනතුරුව සිද්ධියට අදාල සැකකරු සමග අනියම් ලෙස ජීවිතය ගතකර ඇතිබව පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. සැකකරුටද නීත්‍යානුකූල බිරිඳක් ඇති අතර ඔහුද දෙදරු පියෙකු බව වාර්තාවනවා.

සිද්ධියෙන් අනතුරුව 22 සවස සැකකරු වව්නියාව පොලීසියට භාරවී ඇති අතර එහිදි සැකකරු පවසා ඇත්තේ ඔහු නිවසට පැමිණෙන විට අනියම් බිරිඳ දුරකථන සංවාදයක සිට බවත් කතාකළේ කවුදයැයි විමසීමේදී පිළිතුරු නොදීම හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමකදී එය ගැටුමක් දක්වා වර්ධනය වී පොරබැදීමේදී ගෙල ප්‍රදේශය අතට තදවූ බවයි.

මරණකාරියගේ මෘතශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුනි. උඩප්පුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් ජූඞ් 4371, පොලිස් කොස්තාපල් චතුරංග 76664 යන පොලිස් නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

වීහේණ අනුරාධ. මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top