සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වන ජනප්‍රිය ඉන්දිය නිළි නයන්තාරාට හාදු දුන් පුද්ගලයා
ඉන්දිය සිනමාවේ ජනප්‍රිය මෙන්ම දමිළ සිනමාවේ ලේඩිසුපර් ස්ටාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන නයන්තාර සහ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් ශිවන් අතර පවතින පෙම් සබඳතාවට මේ වනවිට වසර කිහිපයක් ගතවී තිබෙනවා.
මොවුන් ඉදිරියේදී විවාහ වීමට නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.
මොවුන් දෙදෙනා එක්ව ගනු ලබන ඡායාරූප සහ වීඩියෝපට වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණ කිරීමට සමත් වනවා.
මේ වනවිට නයන්තාරගේ නළලට විග්නේෂ් ශිවන් විසින් හාදු දෙන ආකාරයක ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කර තිබෙනවා.
එම ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිට රසිකයින් විවිධ අදහස් පළ කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටියේ.

