මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ලියාපදිංචි හෝටල්වල පමණක් නවාතැන් පහසුකම්
Tuesday, 23 June 2020 - 10:43 | Views - 645
ලබන අගෝස්තු 1 වන දා සිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, නවාතැන් සපයන ස්ථානවල පමණක් බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙරට සංචාරක හෝටල් සහ නවාතැන් සපයන ස්ථාන 5000කට ආසන්න සංඛ්‍යාවක් සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා.
ලියාපදිංචි නොවූ එවැනි ස්ථාන 20,000ක් පමණ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා එවැනි සංචාරක හෝටල් නිවස්න කඩිනමින් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අධිකාරියට උපදෙස් ලබාදුන් බවයි කියා සිටියේ.
Share This Article