බාලවයස්කාර පාසැල් සිසුවියකට අසභ්‍ය දර්ශන පෙන්වා සිසුන් තිදෙනෙකු සිදු කළ අහස පොළව නූහුලන අපරාධය
Tuesday, 23 June 2020 - 9:45 | Views - 1,091

11 හැවිරිදි පාසල් සිසුවියක සතියක කාලයක් ලිංගික අපයෝජනය ලක් කළ සිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් 16 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවන බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුදන්ව ඇති අනෙක් සිසුවා සොයා පොලිසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද සඳහන්.
ඉන්දියාවේ කෝවෛ ප්‍රදේශයේ සිය පියා සමඟ අදාළ සිසුවිය වාසය කර ඇත්තේ කුලි නිවසකයි.
එය මහල් දෙකකින් සමන්විත වූ අතර එහි පහළ තට්ටුවේ නිවෙස් අයිතිකරු සහ ඔහුගේ 17 හැවිරිදි පුත්‍රයා ද එහි වාසය කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ එරට සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින් 17 හැවිරිදි පුතුට ස්මාර්ට් වර්ගයේ දුරකතනයක් ලබාදීමටයි නිවසේ අයිතිකරු කටයුතු කර තිබුණේ.
සිසුවියගේ නිවෙස රූපවාහිනියක් පවා නොමැති බැවින් ඔවුන්ගේ ගෙදරට ගොස් එය නැරඹීම පුරුද්දක් කරගෙන සිටි බව ද සඳහන්.
දිනය ඇය සුපුරුදු පරිදි රූපවාහිනිය නැරඹීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවසේ අයිතිකරුගේ පුතා ඇතුළු තවත් දෙනෙකු අසභ්‍ය වීඩියෝවක් බලමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී ඇයට බලෙන් එම වීඩියෝ පටය නැරඹීමට ලබාදී අනතුරුව ඔවුන් විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඔවුන් විසින් ඇය හට තර්ජනය කර ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවසේ අයට පැවසුවහොත් ඝාතනය කර බවයි.
මොවුන් විසින් සතියක කාලයක් මෙලෙස ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව ද සඳහන්.
හදිසියේ එම සිසුවියට උදර වේදනාවක් හටගෙන ඇති අතර ඉන් අනතුරුව ඇයගේ පියා විසින් රෝහල වෙත කැඳවාගෙන ගොස් තිබුණා.
එහිදී ඇය විසින් සියලු විස්තර වෛද්‍යවරුන් වෙත පැවසීමෙන් අනතුරුව පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාට විරුද්ධව නීතියම පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා කියා සිටියේ.
ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්.
Share This Article