කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන තවත් ඉහළට
Tuesday, 23 June 2020 - 9:36 | Views - 923
තවත් එක් නාවික හමුදා සාමාජිකයෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ තවත් 112 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ වසා දැමුණු වැලිසර නාවික හමුදා කදවුර ද අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත වනවා.
Share This Article