The Undertaker හදිසියේ ගත් තීරණයක් නිසා ඔහුගේ රසිකයින් අන්දමන්ද වෙයි
Tuesday, 23 June 2020 - 9:33 | Views - 375
WWE නමැති මල්ලව පොර තරගවල ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ The Undertaker සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
 
55 හැවිරිදි වියෙහි පසුවන ඔහු වාර්ථාමය වැඩසටහනකට එක්වෙමින් මෙය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දශක තුනක ඔහුගේ ක්‍රීඩා ජීවිතය මෙලෙස අවසන් වනු ඇති.
 
The Dead Man නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඔහු මල්ලිව පොර ක්‍රීඩා ඉතිහාසයේ විශේෂ තරගවල ආරම්භකයා ද වනවා.
 
1992 වසරේදී පළමු Casket තරගයටත්, 1996 වසරේදී the first Buried Alive තරගයටත්, 1997 වසරේදී පළමු  Hell in a Cell තරගයටත් ඔහු ක්‍රීඩා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
WWE ආයතනයේ පැවැත්වෙන WrestleMania තරග 25කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී පරාජයවී ඇත්තේ තරග 2 ක් පමණයි.
 
මෙම වසරේ පැවැති WrestleMania තරගය ඔහුගේ අවසන් තරගය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
කෙසේ වෙතත් මේ දක්වා අදාළ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන්, WWE විසින් නිළ නිවේදනයක් සිදු කර නැහැ.
 
The Undertaker‍ ගේ හදිසි තීරණයත් සමග ඔහුගේ රසිකයින් විසින් සාමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් ද එක් කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top