ගෙවල්වලට පැන පලතුරු හොරෙන් කන නිරුවතින් ගැහැනුන් බය කරන ගී්රස් යකා අල්ලපු මෙහෙයුම
Tuesday, 23 June 2020 - 9:06 | Views - 678

මෙරට සිටින විස්සක් පමණ වර්ගවලට අයත් යක්ෂයන් ගැන අපි ආසා ඇත්තේමු. එහෙත් අපි මේ කියන්නට යන්නේ මහසෝනා, ඊරියාකා, ගරායකා කළු කුමාර යක්ෂයා ආදි යක්ෂයන් ගැන නම් නොවේ. ග්‍රීස් යකා ගැනය. ඒ කොයිහැටි වුවද ග්‍රීස් යකා අමුතුම තාලයේ යක්ෂයකි. මොහු මිනිස් යක්ෂයෙකි. ගම්මුන් භිය වැද්දීම සඳහා විවිධ වර්ගයේ යක්ෂයන් ගම්වලට කඩා වදිති. ඉකුත් දෙසතිය තුළ නෙළුව හිනිදුම යන පොලිස් බල ප්‍රදේශ තුළ පිහිටි ගම්මාන ග්‍රීස් යකා නිසා භීතියට පත්ව ගියහ. කළුපැහැති මිටි බඩමහත අයෙකු වන මෙකී ග්‍රීස් යකා රාත්‍රි කාලයේ අඩනිරුවතින් පැමිණ නෙළුව හිනිදුම ආදි ගම්මානවලට කඩා වැදී කාන්තාවන් භිය ගන්වනු ලැබීය. ගම්මුන් එක්වි පොලූ මුගුරු රැුගෙන ග්‍රීස් යකා සෙවීම සඳහා කටයුතු කළද මොහු අල්ලා ගැනීමට හැකිවූයේ නැත.
පසුගිය දිනක පොලිස් නිලධාරීන් 90 කගේ පමණ මෙහෙයවීමෙන් ග්‍රීස් යකා අල්ලා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. තේ කැලෑ ලඳු කැලෑ ඔස්සේ මෙකී මෙහෙයුම දියත් කළේය. එහෙත් ග්‍රීස් යකා අල්ලා ගැනීමට හැකිවූයේ නැත. මේ නිසා ගම්මුන් දැඩි භීතියට පත්ව සිටියහ.
ග්‍රීස් යකා අඩනිරුවතින් නිවෙස්වලට ඇතුල්වි කාන්තාවන් භිය ගන්වන්න බවට කථාවක් පැතිරී ගොස් තිබුණි. මේවා බොරු මනස්ගාත මානසික ප්‍රශ්න ඇතැමුන් කියන්නට වූහ. කවුරු කෙසේ කීවත් මෙම ග්‍රීස් යකා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටියහ. ග්‍රීස් යකා ලෙස හොල්මන් කරමින් කටයුතු කරන පුද්ගලයකු පිළිබඳ පොලිසිය සැක කළේය. එම පුද්ගලයා ගැන පොලිසිය දැඩි අවධානයෙන් සිටියේය. මේ අතරතුරේ නෙළුව පොලිස් විශේෂ කාර්යාංශ උප ඒකකයේ නිලධාරීන්ට ග්‍රීස් යකා ගැන තොරතුරක් ලැබී තිබුණි. කාන්තාවන් භියගන්වමින් සොරකම් කිහිපයක්ද කරනු ලැබූ මෙම ග්‍රීස් යකා යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු බවට හඳුනාගෙන තිබූ අතර පොලිස් විශේෂ කාර්යාංශ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රීස් යකා මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නෙළුව පොලිසියට භාරදෙනු ලැබීය. සති කිහිපයක් තිස්සේ නෙළුව හිනිදුම යන පොලිස් බල ප්‍රදේශ තුළ කාන්තාවන් භිය ගන්වමින් කටයුතු කළ මෙකී පුද්ගලයාගේ පැටිකිරිය දිග හැරෙනුයේ මේ අයුරිනි.
දිනය මැයි මස 20 වැනිදාය. සැකකාර පුද්ගලයා එදින බස්රථයකින් තවලමට පැමිණියේය. හේ රාත්‍රි කාලයේදි තවලම ප්‍රදේශයේ නිවසක ජනේලයකට යොදා තිබූ ඉටිකොළය කපා නිවසට ඇතුල්වීමට උත්සාහ කළේය. කෙසේවුවද නිවෙස් හිමියා අවදිවීම නිසා සැකකාර පුද්ගලයා එම ස්ථානයෙන් පැන ගියේය. ඔහු හිනිදුම පොල්බිඳින කන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් අසලට ගොස් නතර විය. ඉන්පසු මොහු තමන් ඇඳ පැළඳ සිටි ඇඳුම් ගලවා ටියුලිප් බෑගයකට දැමුවේය. මුදල් පසුම්බිය, නොකියා වර්ගයේ ජංගම දුරකථනය, හැඳුනුම්පතේ ඡායාපිටපතක් ද බෑගයට දමා ගත්තේය. අඩ නිරුවතින් සැකකාර පුද්ගලයා මෙම ප්‍රදේශයේ නිවාස පහකට පමණ ඇතුල් වී සොරකම් කිරීමට උත්සාහ කළේය. එහෙත් නිවැසියන් අවදි වී කෑගැසීම නිසා සැකකරුගේ කුරුමානම වැරදී ගියේය. ග්‍රීස් යකෙකු පැමිණ ඇති බවට ගම්මුන් කෑගසන්නට වූහ. පසුව හිනිදුම පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සැකකරු පැමිණි නිවෙස් පරීක්ෂා කරනු ලැබීය. ඒ වනවිට මොහු යට ඇඳුම් පිටින් කැලෑබද මාර්ග ඔස්සේ නෙළුව පොලිස් වසමට පැමිණියේය. සැකකරු විසින් සඟවා තබන ලද බෑගය ගම්මුන් විසින් පොලිසියට භාරදෙනු ලැබීය.
මෙකී සැකකරු ඉකුත් 21 වැනිදින දිවා කාලයේ කැලෑවක් තුළ සැඟවී සිටියේය. හේ අඩනිරුවතින් නෙළුව ප්‍රදේශයේ නිවාස 08 කට කඩා වැදුණේය. ඉන් එක් නිවසකින් සැකකරු විසින් රුපියල් 3000 ක මුදලක් හා තවත් නිවසකින් රුපියල් 5000 ක මුදලක් සොරකම් කරනු ලැබීය. තවත් නිවසකට ඇතුල් වූ සැකකාර පුද්ගලයා එම නිවසේ ශීතකරණයේ තිබූ පලතුරු සියල්ල එක හුස්මට කාගෙන ගියේය. ග්‍රීස් යකෙකු පැමිණ ඇති බවට ඒවනවිට ගම්මුන්ද කලබල වී සිටියහ. පොලිස් නිලධාරීන් සමග එක් වී සැකකරු සොයන්නට වූහ. ඉක්බිති සැකකාර පුද්ගලයා ගිංගඟට පැන මාවනාන ප්‍රදේශයට පලා ගියේය. මාවනාන ප්‍රදේශයට පැමිණි සැකකරු නිවසක රෙදි වැළක දමා තිබූ ඇඳුම් ඇඳ ගත්තේය. එම නිවසේ ගරාජයේ නතරකොට තිබූ රුපියල් 130,000 ක් පමණ වටිනා යතුරු පැදිය සොරකම් කරගෙන තවලම දක්වා යතුරුපැදියෙන් පැමිණියේය. යතුරුපැදිය තවලම ප්‍රදේශයේ දමා ලංගම බස්රථයක නැගී උඩුගම කැටගොඩ බස්නැවතුම්පළ වෙත පැමිණියේය. බස්නැවතුම ඉදිරිපිට හෝටලයකට ගොඩවූ සැකකරු පාන් හා පරිප්පු සමග උදෑසන ආහාරය ලබා ගත්තේය. පසුව හේ උඩුගම දෙසට පාගමනින් යන්නට විය. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණ පුද්ගලයන් පිරිසක් සැකකාර පුද්ගලයා හඳුනාගත්තේය. ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදි සැකකරු ඒ අසල ඇති කැලයකට පැනගත්තේය. පසුව කැටගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකට ඇතුල් වී එක් නිවසකින් රුපියල් 35,000 ක මුදලක් හා අනික් නිවසෙන් රුපියල් 5000 ක් සොරකම් කරනු ලැබීය. එදින සැකකාර පුද්ගලයා කැලෑව තුළ සැඟවී සිට පසුදින මුල්ලේරියාවේ පිහිටි බිරිඳගේ නිවස වෙත ගියේය. පසුව සැකකාර පුද්ගලයා පේදරේරු රැුකියාව සඳහා කොළඹ ප්‍රදේශයට ගියේය.
සැකකාර පුද්ගලයා එක් දරු පියෙකි. මොහුගේ දරුවාගේ අකුරු කියවීමේ උත්සවය යෙදී තිබුණේ පසුගිය 10 වැනිදාය. එදින සැකකාර පුද්ගලයා නිවසට පැමිණෙන බවට නෙළුව පොලිසියේ විශේෂ කාර්යාංශ නිලධාරියාට තොරතුරුක් ලැබී තිබුණේය. විශේෂ කාර්යාංශයේ නිලධාරියා විසින් සැකකරුගේ බිරිඳ පදිංචිව සිටි ස්ථානයේ ලිපිනය ලබාගත්තේය. ඉන්පසු දුරකථන පණිවිඩයක් මගින් නුගේගොඩ පොලිසියට දැන්වීමට කටයුතු කළේය. සැකකරු පසුගිය 09 වැනිදින රාත්‍රි නිවසට පැමිණියේය. මේ පිළිබඳ මුල්ලේරියාව පොලිස් ස්ථානයට දැනුම් දි එම ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන නෙළුව පොලිස් ස්ථානයට භාරදෙනු ලැබීය.
සැකකාර පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන අයෙකි. හේ අටවන ශ්‍රේණිය දක්වා අකුරු කළ අයෙකි. මියන්වතුර දෙල්ලව මොරවක ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු 2008 වර්ෂයේදි යුද හමුදාවට එක්විය. පසුව මුලතිව් ඕමන්ත නෙළුම්කුලම යුද හමුඳා කඳවුරු වල සේවය කළේය. අවසන් සටනේ නෙළුම්කුලම හමුඳා කඳවුරට අනුයුක්තව සක්‍රිය දායකත්වයක් දක්වා ඇති අයෙකි. 2015 වර්ෂයේ දි මොහු වව්නියාව ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත. 2018 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ කාන්තාව සමග විවාහ වී ඇති අතර එම වර්ෂයේදීම සැකකරු යුද හමුදා සේවයෙන් පලා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන මගින් සොයා බැලීමේදී හිනිදුම බද්දේම පානදුර එළුවන්කුලම නෙළුව ගාල්ල වව්නියාව යන පොලිස් වසම් වල සිදුකරන ලද අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට හඳුනගෙන ඇති බවද පොලිසිය පවසයි.
ලලිත් චාමින්ද
Share This Article