විවාහ දෙකක් කර ගෙන සිටි පුද්ගලයෙකු පාසල් ශිෂ්‍යාවකටත් ලිංගික අතවර කරලා
Tuesday, 23 June 2020 - 8:58 | Views - 1,152
වයස දාසයයි මාස 2 ක් වයසැති පාසල් ශිෂ්‍යාවක් රවටාගෙන ගොස් ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා භටයෙකු රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් සහන් නානායක්කාර මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්කුඩා යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකි.
විවාහ දෙකක් කරගෙන ඇති බව පැවසෙන මෙම හමුදා භටයා මුහුණු පොත ඔස්සේ වින්දිත පාසල් දැරිය හඳුනාගෙන තිබේ. ඇය සමග පෙම් සබඳතාවක් ගොඩනගා ගන්නා මොහු පසුගිය දිනෙක දැරිය දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන මහනුවර ප්‍රදේශයට ගෙන ගොස් ඇයට ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි පැමිණිලි මෙහෙයවූ හිගුරත්ගොඩ පොලිසිය අධිකරණය ඉදිරියේදී කියා සිටියේය. වින්දිත දැරිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිඥ ඒ. ඒ. නාලක බණ්ඩාර මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.
හිගුරන්ගොඩ - අතුල සූරිය බණ්ඩාර, පොළොන්නරුව - කරුණාරත්න ගමගේ
Share This Article