ගෝලීය වසංගතය පැතිරීම තවදුරටත් වේගවත්
Tuesday, 23 June 2020 - 8:43 | Views - 1,432
කොරෝනා වෛරසය තවමත් වේගවත්ව ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් පවසනවා.

ඩුබායි හි සංවිධානය කර තිබූ අතත්‍ය සෞඛ්‍ය සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය සෞඛ්‍යමය අර්බුදයක සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.

එය රටවල් රැසක ආර්ථික, සාමාජීය හා දේශපාලනමය අර්බුදයක්.

එමෙන්ම, එහි බලපෑම ඉදිරියේ දශක කිහිපයක්  දැක ගත හැකි වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.

ගෝලීය වසංගතය බෙදුණු ලෝකයක පරාජය කිරීම දුෂ්කර කාර්යයක්.

එය දේශපාලනීයකරණය කිරීමෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ලෝකය දැන් මුහුණ පා සිටින බරපතලම තර්ජනය කොවිඩ් 19 වෛරසය පමණක් නොවේ. එය පරාජය කිරීම සඳහා ගෝලීය සහෝදරත්වයක් සහ ගෝලීය නායකත්වයක් නොමැතිවීම ඊට වඩා දරුණු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හැදින්වූවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ ලොව රටවල් රැසක් කොරෝනා වෛරසය නිසා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් සිටින අවස්ථාවකයි.

වෛරසයෙන් දරුණු පීඩාවකට ලක්වූ යුරෝපීය රටක් වන ප්‍රංශය වාර්ෂික සංගීත සැණකෙලිය පැවැත්වීමටත් මිලියන සංඛ්‍යාත ළමුන් යළි පාසල් වෙත යැවීමටත් තීරණය කර අවසන්.

ඇතැම් රටවල වෛරස් ව්‍යාප්තිය අඩුවීමක් දක්නට ලැබුණ ද විශේෂයෙන් කොරෝනා මරණ 50,000 ඉක්ම වූ බ්‍රසීලය ප්‍රමුඛ ලතින් ඇමරිකාවේ සහ දකුණු ආසියාවේ ඉන්දියාව හා පාකිස්තානයේ වෛරස් ව්‍යාප්තිය වේගවත් වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top