නිරිත, ගිනිකොණ සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට
Tuesday, 23 June 2020 - 8:38 | Views - 367
දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී සුළං වේගය පැයට කිලෝමීටර් 70, 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළුවීමට ද හැකියාවක් පවතින බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි.
මෙම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
Share This Article