මීගමුව බන්ධනාගාරයේ ආපනශාලා භාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි
Tuesday, 23 June 2020 - 8:09 | Views - 2,337
මීගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඔහු එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයා බවයි.
මොහු මීට පෙර ද අදාළ රැඳවියාට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එසේම, අදාළ බන්ධනාගාර නියාමකවරයා එම රැඳවියාට වරින් වර දුරකථන ඇමතුම් ද ලබාගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ.
Share This Article