ඉන්දු - චීන දේශසීමා ගැටුමේදී චීන අණ දෙන නිලධාරියෙකු ද මිය ගිය බව චීන හමුදාව පිළිගනී
Monday, 22 June 2020 - 20:53 | Views - 191
ඉන්දීය දේශසීමා භටයින් සමඟ ලඩාක් ප්රදේශයේ ගැල්වාන් නිම්නයේ පසුගිය සතියේ ඇති වූ ගැටුමේදී සිය අණ දෙන නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බව චීනය පිළිගෙන තිබෙනවා.
ඒ,දෙපාර්ශවය අතර, ලඩාක් දේශසීමාවේ චීන පාර්ශවයේ අද පැවති සාකච්ඡාවකදියි.
චීන සහ ඉන්දීය හමුදාවල ලුතිනන් ජෙනරාල් මට්ටමේ සාකච්ඡාවක් එලෙස පවත්වා ඇත්තේ දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම වැළැක්වීමේ අරමුණෙන්.
හිමාලය හරහා වැටී ඇති මුහුදු මට්ටමට වඩා අඩි 15,000කට උසින් පිහිටි ගැල්වාන් ගංඟාව අසබඩ සිදුවූ මෙම ගැටුමේදී තවත් ඉන්දීය හමුදාවේ කර්නර්වරයෙකු ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සෙබලුන් 76 දෙනෙකු තුවාල ලැබුවා.
චීනය මෙතෙක් සිය පාර්ශවයට සිදුවූ හානි පිළිබදව කිසිවක් ප්රකාශ කර තිබුණේ නැහැ.
Share This Article