කාදිනල් හිමිට පරිභව කළ හරීන්ට දසතින් විරෝධය
Monday, 22 June 2020 - 20:09 | Views - 740
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුුරු හිමිපාණන් පිළිබඳ කළ ප්‍රකාශය පිළිබදව දැඩි කණගාටුවට සහ කම්පාවට පත්වන බව කතෝලික සභාව පවසනවා.

ඒ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුුරු හිමිපාණන්  සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු සාමාජික හරින් ප්‍රනාන්දු පොලොන්නරුව - මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් සිදුකල චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

පසුගිය ජනාධිපතිවරණයේදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට කතෝලික ඡන්ද අහිමි කළේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බවට හරීන් ප්‍රනාන්දු චෝදනා කළා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී කතෝලික සභාව ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදි කළුතර දහම් සෙවන දෙවිසත්හලේ අධ්‍යක්ෂ සිසිල් ජොයි පියතුමා, අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා, ජාතික ජන සන්නිවේදන හිටපු අධ්‍යක්ෂ බෙනඩික් ජොශප් පියතුමා සහ ජුඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් අදහස් පළ කරමින් ඊට දැඩි විරෝධයක් එල්ල කළා.   

එමෙන්ම, හරින් ප්‍රනාන්දුගේ මෙම ප්‍රකාශය පිළිබදව මීගමුව සහ කටුවපිටිය ඇතුළු ප්‍රදේශ රැසක කතෝලික ජනතාව දැඩි අප්‍රසාදය පල කළා.

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශව වලින් ද එල්ල වන්නේ දැඩි විරෝධයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top