දුම්රියේ ගැටී වවුනියාවේදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Monday, 22 June 2020 - 15:28 | Views - 327
වවුනියාව, පෙරියකාඩු ප්රදේශයේදී අද (22) උදෑසන දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මන්නාරම, එළුත්තූර් ප්රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
මියගිය පුද්ගලයා සිය පෞද්ගලික කැබ් රථයෙන් පැමිණ කැබ් රථය දුම්රිය මාර්ගය ආසන්නයේ නවතා මැදවච්චිය සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු පවතින බවද වවුනියාව, පරයනාලන්කුලම පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මළ සිරුර මඩු දුම්රිය ස්ථානය වෙත රැගෙනයාමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල වෙත යොමු කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article