දුම්රියේ ගැටී වවුනියාවේදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Monday, 22 June 2020 - 15:28 | Views - 328
වවුනියාව, පෙරියකාඩු ප්‍රදේශයේදී අද (22) උදෑසන දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මන්නාරම, එළුත්තූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය පුද්ගලයා සිය පෞද්ගලික කැබ් රථයෙන් පැමිණ කැබ් රථය දුම්රිය මාර්ගය ආසන්නයේ නවතා මැදවච්චිය සිට මන්නාරම දක්වා ධාවනය වූ  දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු පවතින බවද වවුනියාව, පරයනාලන්කුලම පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මළ සිරුර මඩු දුම්රිය ස්ථානය වෙත රැගෙනයාමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල වෙත යොමු කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top