ඔබ සැබෑ ඉන්දියානුවෙකු නම් මාව සොයාගෙන එන්න එපා- නිල් චිත්‍රපටි නිළියක වන රේනී ග්‍රේසී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
"ඔබ සැබෑ ඉන්දියානුවෙකු නම් මාගේ සාමාජ මාධ්‍ය පිටු වෙත එන්න එපා.." යනුවෙන් නිල් චිත්‍රපට නිළියක මෙන්ම ජනප්‍රිය මෝටර් රථ ධාවනශූරියක වන රේනී ග්‍රේසී ප්‍රකාශ කර තිබෙනවා.
මෑතකදී ක්‍රීඩාවෙන් සමුගත් 25 හැවිරිදි ඇය මේ විට නිල් චිත්‍රපට කර්මාන්තයේ නිළියක ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තමන් පෙර කළ වෘත්තියට වඩා මින් අධික ආදායමක් උපයන බවත්, මාස කිහිපයක් තුළ අංක හයක් සහිත වැටුපක් ලබන බවත් ඇය කියා සිටියා.
කෙසේ වෙතත් මේ වනවිට රේනී ඉන්දියානුවන්ට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ, තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර ඇති ඡායාරූප සොරාගෙන තම නමින් වෙනත් ගිණුම් භාවිත කිරීම හේතුවෙන් තමන්ගේ ආදයමෙහි අඩුවීමක් සිදුව ඇති බවයි.
මෙලෙස තම විඩියෝ සහ ඡායාරූප සොරාගන්නා ඉන්දියානුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතු බව ද රේනී ග්‍රේසී පවසනවා.
එමෙන්ම "ඔබ සැබෑ ඉන්දියානුවෙකු නම් මාගේ සාමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසෙන්න එපා, මම ඔයාලාට එන්න කියලා කිව්වේ නැහැ.." යනුවෙන් ද ඇය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙන්

