පළමු දරුවා ඉපදී වසර 10 කින් පසු උපත ලැබු නිවුන් දරුවා - ලොවක් භීතියට පත් කරමින් කොරෝනා වෛරසයේ උපත්තිය ලැබු චීනයෙන් ඇහෙන අලුත්ම පුවත
Monday, 22 June 2020 - 11:59 | Views - 665
පළමු දරුවාගේ උපතින් විනාඩි කිහිපයක් ගත වීමෙන් අනතුරුව තවත් දරුවකු හෝ දරුවන් කිහිප දෙනෙකුගේ උපත සිදුවීම නිවුන් දරු උපතක් ලෙස හැඳින්විය හැකි වනවා.
 
සමහර අවස්ථාවලදී පැයකින් අනතුරුව නිවුන් දරු උපත් සිදු වූ අවස්ථා ද ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

කෙසේ වෙතත් වසර දහයකින් අනතුරුව සිදු වූ නිවුන් දරු උපතක් සම්බන්ධයෙන් වන තොරතුරු චීන මාධ්‍ය වාර්තා කළා.
 
41 හැවිරිදි Ms Wang හට ස්වභාවිකව ගැබ් ගැනීම් සිදු නොවු බැවින් නළ දරුවෙකු හදාගැනීමට තීරණය කර තිබුණා.
 
එමඟින් 2010 වසරේදී Lu Lu නමැති පිරිමි දරුවකු ඇය බිහි කළ බවයි වාර්තා වන්නේ.
 
මෙම දරුවාට වයස අවුරුදු 10 ක් සපිරෙන විටම එම යුවල තවත් දරුවෙකු පෙර ලෙසම බිහිකරගැනීමට තීරණය කර තිබුණා.
 
ඔවුන් වසර දහයකට පසුව එම රෝහල වෙත ගිය අවස්ථාවේදී ඉතා පුදුම සහගත පුවත් දැනගන්නට ලැබුණා.
 
Lu Lu උප්පත්තිය ලැබු ඩිම්බකෝෂ කිහිපයක් එම රෝහලේ ගබඩා කර තිබු අතර ඔවුන් ඉන් තවත් දරුවෙක් බිහි කරගැනීමටයි තීරණය කළේ.
 
ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී Ms Wang විසින් තවත් දරුවෙකු බිහි කළ අතර එම දරුවාට Tong Tong ලෙස නම් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.
 
එහි අර්ථය සමානයි යනුවෙන් හැඳින්විය හැකි වනවා.
 
අවුරුදු දහයක පරතරයකින් උපත ලැබු නිවුන් දරුවන් හැටියට මෙය හඳුන්වා දිය හැකි බවයි එම රෝහලේ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.


4
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top