කේක් හදන එක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි
Monday, 22 June 2020 - 11:49 | Views - 915
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සිය දියණියගේ දෙවන උපන්දිනය නිවස තුළටවී සමරා තිබුණා. ඒ සදහා වන කේක් එක ඇය විසින්ම සාදා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ. ආර්ඩන් සහ ක්ලාක් ගේෆෝඩ්ගේ දියණිය වන නෙව් ටී අරෝහා ආර්ඩන් ගේෆෝඩ්ගේ උපන්දිනය අදට යෙදි තිබුණා. අග්‍රාමාත්‍යවරිය විසින් සතිඅන්ත කේක් නිර්මාණ සහිත සගරාවක් උපයෝගි කරගනිමින් පියානෝ හැඩැති කේක් සාදා ඇති බව ද සදහන්. කේක් සෑදීම එතරම් පහසු ක්‍රියාවක් නොවු බවයි, එය ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි එහි ඡායාරූපයක් පළ කරමින් කියා සිටියේ. මෙහි හැඩය ‌සම්බන්ධයෙන් එතරම් සැලකිලිමත් නොවන ලෙස ද ඇය ප්‍රකාශ කළා.

" සුබ උපන්දිනයක් නෙව්..! ජීවිතයේ සියලු අඩුපාඩුකම් නොසලකා ප්‍රීතියට පත්වීම ගැන ස්තූතියි.." යනුවෙන් ද ආර්ඩන් එහි සටහන් කර තිබුණා. සිය දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් ද ඇය කේක් සෑදීම උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ බව ද සදහන්. ජසින්ඩා ආර්ඩන් යනු මේ වනවිට ලෝකයේම අවධානයට යොමුව ඇති, නායිකාවක ද වනවා. අදාළ ඡායාරූපයකට එක් කාන්තාවක් මෙලෙස සටහන් කර තිබුණා. " ඔබ රටක් පවත්වාගෙන යන අතර ඔබේ දියණියගේ උපන්දින කේක් සෑදීමටත් කාලය තිබේ ද.. ඔබ ඇත්තෙන්ම පුදුමයි.." තවත් කෙනෙකු, '' අපව දරුකමට හදාගන්න.." යනුවෙන් එහි සටහන් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top