මීගමුවේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට
Monday, 22 June 2020 - 9:57 | Views - 1,178
මීගමුව -දුන්ගල්පිටිය - කැපුන්ගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ 7.30 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් තියුණු ආයුධවලින් පහරදීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදි එක් අයෙකු මියගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ පමුණුගම - කැපුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්. සිද්ධියට අදාළව මේ වනවිට දුන්ගල්පිටිය පොලීසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article