කොවිඩ් බිළිගන්නා පිරිමින් සංඛ්‍යාව, කාන්තාවන්ට වඩා වැඩි වෙයි
Monday, 22 June 2020 - 8:15 | Views - 597

ලොව පුරා කොරෝනා ආසාදිත කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.
ඉතාලිය, චීනය වැනි රටවල කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවී ඇති අතර, ඔවුන් මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශය සිදුකළ අධ්‍යයනයකින් ඒ බව අනාවරණ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ සහ ඇමරිකාවේ තත්ත්වය ඊට වෙනස් බව ඔවුන් පෙන්වා දෙනවා. පිරිමි පුද්ගලයන් වෛරසයට වැඩි වශයෙන් ගොදුරුවුවද, කාන්තාවන් මරණයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි අදාළ අධ්‍යයනයෙන් දක්වා ඇත්තේ.
පසුගිය මැයි 20 වනදා වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිත කාන්තාවන් අතරින් සියයට 3.3 ක් මරණයට පත්ව ඇති අතර, පිරිමි පුද්ගල මරණ වාර්තාවීම සියයට 2.9 ක අගයක් ගත්තා.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් අනූ ලක්ෂය ඉක්මවා ඇති අතර, එය දැක්වෙන්නේ අනූ ලක්ෂ 44,544 ක් ලෙසයි.
කොරෝනා මරණ හාරලක්ෂ 70,665ක් සටහන් වනවා.
ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, එරට දෛනික මරණ සංඛ්‍යාව 601ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව 50,659 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය විසි හතර තුළ ඉන්දියාවේ මරණ 426 ක් සිදුව ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,703ක් ලෙසයි.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 26,910ක්.
Share This Article