මුහුද රළු විය හැකි බවට ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්
Sunday, 21 June 2020 - 14:06 | Views - 277
පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉදිරි පැය විසි හතර තුළ පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එම ප්‍රදේශවල මුහුද විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද තරමක් රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදි මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.
මේ අතර බස්නාහිර, වයඹ, සබරගමවුව, මධ්‍යම සහ දකුණ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article