සති දෙකක් තුළ කෝටි පහකට අධික හෙරොයින් අත්අඩංගුවට - සැකකරුවන් 3,811ක් අල්ලයි (වීඩියෝ)
Sunday, 21 June 2020 - 14:04 | Views - 529

සති දෙකක කාලසීමාව තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සහ මත්පැන් ජාවාරමේ නිරතවූ සැකකරුවන් 11,994 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සති දෙක තුළ අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි පහකට අධිකයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පසුගිය හයවනදා සිට සති දෙකක කාලසීමාවක් තුළ මෙම වැටලීම් සිදුකර ඇති බවයි.
හෙරොයින් සහ අයිස් මත්කුඩු ජාවාරමේ නිරතවූ සැකකරුවන් 3,811ක් සහ ගංජා ජාවාරමේ නිරතවු සැකකරුවන් 2,609ක් මෙන්ම නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු සැකකරුවන් 5,574 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසට අයත්.
ගිනි අවි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 52ක් සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් හයදෛනක් හෙිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම වරෙන්තුකරුවන් 5,110 දෙනෙකු ගතවූ සති දෙක තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මීට අමතරව මෙම කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් වෙනත් වැරදි හා සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව 8,750ක්.
පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක්, ඩෙටනේටර් 23ක්, අත්බෝම්බ 7ක්, බෝර 12 ගිනි අවි 18ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 24, රිපීටර් 18 ක්, සජීවී පතොරම් 36ක්, කඩු 3ක් පිස්තෝලයක් මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධවූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක ඊයේ අත්අඩංගුවට ගැනුනා.
ඒ, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින්.
කටුනායක ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු ඊයේ පස්වරුවේ සීදූව ධීවර තොටුපල මාර්ගයේදී හොරොයින් ග්‍රෑම් 100ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ සැකකාරිය අත්අඩංගුවට පත්වූ ගුවන් හමුදා සැරයන්වරයාගේ බිරිඳ බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන් එක් සැකකරුවෙකු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 455ක් සහ සැකකාරිය සතුව තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 830ක් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා ජංගම දුරකථනයෙන් අදාළ ගුවන් හමුදා නිලධාරියා සහ ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබාදී ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ.
මේ අතර බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු විසින් රණාල, ජල්තර සහ ඇඹුල්දෙණිය ප්‍රදේශවලට හොරොයින් බෙදාහැරීමේ ජාවාරමක් සිදුකර ඇති අතර, ඊට සහයවූ පුද්ගලයෙකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ අදාළ බෙදාහැරීම සිදුකළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article