කොරෝනා ආසාදනය වූ තවත් 26 දෙනෙකු සුවය ලබයි - අදත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ (වීඩියෝ)
Sunday, 21 June 2020 - 14:03 | Views - 3,317

කොරෝනා ආසාදනය වූ තවත් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වනවිට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1,498 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
අයි.ඩී.එච්. රෝහලෙන් කොරෝනා ආසාදිතයන් අටදෙනෙකු පිටව ගොස් ඇති අතර, වැලිකන්ද මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල සහ තෙල්දෙණිය මුලික රෝහල්වලින් තුන්දෙනෙකු බැගින්ද, හම්බන්තොට මහ රෝහලෙන් පස්දෙනෙකු සහ හෝමාගම රෝහලෙන් හතරදෙනෙකු මෙලෙස පිටව ගොස් තිබෙනවා.
කිසිදු නව ආසාදිතයෙකු අද දිනයේ මේ දක්වා වාර්තා නොවන අතර, මෙරටින් වාර්තාවූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1950 ක්.
ඊයේ දිනයේදීද කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තාවූයේ නැහැ.
එමෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ රෝහල්වලින් නික්ම ගොස් ඇති අතර, ඒ අනුව සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 773 දක්වා ඉහළ යනවා.
ආසාදිතයන් 441 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.
මේ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද දිවයිනට පැමිණියා.
මාලේ නුවර සිට යූ.එල්. 102 දරණ යානයෙන් පැමිණි ඔවුන් කටුනායක ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කෙරුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් අතරින් වැඩි පිරිසක් මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්රිත රැකියාවල නිරතව සිටි අය බව සඳහන්.
එමෙන්ම, කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 95,087ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එමෙන්ම ඊයේ දිනයේදී පමණක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 827ක්.
මේ අතර ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 15,413ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂය ඉක්මවනවා.
ඊයේ දිනයේ සටහන් වූයේ ඉන්දියාවෙන් මෙතෙක් දිනක් තුළ වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාද මේ වනවිට 13,254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 306 ක් වාර්තාවීමත් සමඟයි.
ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ රුසියාව හැරුණු කොට කොවිඩ් - 19, ගෝලීය වසංගතයෙන් සිව්වෙනුව වැඩිම පීඩාවට ලක්ව ඇති රට වන්නේ ඉන්දියාවයි.
එමෙන්ම, චීනයෙන් ඊයේ දිනයේදීද කොවිඩ් 19 ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් විසි දෙදෙනෙකුම බීජිං නුවරින් හමුවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළා.
මිලියන 20 ක ජනගහණයක් සහිත බීජිං පුරවරයෙන් නැවතත් කොරෝනා ආසාදිතයන් හමුවීම ආරම්භ වූයේ පසුගිය 11 වනදායි. නගරයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි ආහාර තොග වෙළඳපොල ආශ්‍රිතව එලෙස වෛරසය පැතිරීම ආරම්භ වූ අතර, මේ වනවිට ආසාදිතයන් 227දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය මුලින්ම ආරම්භ වූයේද චීනයේ වූහාන් නගරයෙන්.
මේ වනවිට චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,378ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,634ක්.
වෛරසයේ ව්‍යාප්තිය මුලින් වේගවත්ව සිදුවුවද ලොව අනෙකුත් රටවල්වල ආසාදිතයන් ඉහළ යාමත් සමඟ චීනය දැන් සිටින්නේ කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම පීඩාවට ලක්වූ රටවල් අතර 21 වන ස්ථානයේයි.
කෙසේ නමුත් දෙවන කොරෝනා රැල්ලක් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා චීනය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙනවා.
Share This Article