මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය පිළිබඳ අවසන් තීරණය 25 වනදා (වීඩියෝ)
Sunday, 21 June 2020 - 13:59 | Views - 337
අගෝස්තු පස්වනදා පවත්වන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලසීමාව දීර්ඝ කිරීම පිළිබඳ අවසන් තීරණය එළඹෙන 25 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවති මැතිවරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඡන්දය පැවැත්වෙන අගෝස්තු පස්වනදා ඡන්දය ගණන් නොකිරීමට මේ වනවිටත් තීරණයකට එළඹී ඇති බවයි.
Share This Article