චීනයෙන් කොවිඩ් 19 නව ආසාදිතයන් 26ක් (වීඩියෝ)
Sunday, 21 June 2020 - 13:55 | Views - 494
චීනයෙන් ඊයේ දිනයේදීද කොවිඩ් 19 ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් විසි දෙදෙනෙකුම බීජිං නුවරින් හමුවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළා.
මිලියන 20ක ජනගහණයක් සහිත බීජිං පුරවරයෙන් නැවතත් කොරෝනා ආසාදිතයන් හමුවීම ආරම්භ වූයේ පසුගිය 11 වනදායි.
නගරයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි ආහාර තොග වෙළඳපොල ආශ්‍රිතව එලෙස වෛරසය පැතිරීම ආරම්භ වූ අතර, මේ වනවිට ආසාදිතයන් 227දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය මුලින්ම ආරම්භ වූයේද චීනයේ වූහාන් නගරයෙන්.
මේ වනවිට චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,378ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,634ක්.
Share This Article