වත්තල දික්ඕවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය 4ක් මරුට
Sunday, 21 June 2020 - 9:12 | Views - 3,249
වත්තල දික්ඕවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය 4 දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ සවස 3ට පමණ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇත්තේ දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදීයි.
එකම පවුලේ ඥාතීන් පිරිසක් දියේ ගිලී ඇති බවට පොලිසියට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාව ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුලත් කර තිබුනා.
එහිදී කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමිළමයෙක් මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.
බරපතල තත්වයේ සිටි කාන්තාවක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිනවා.
මියගිය පිරිස අතර අවුරුදු 16ක ගැහැණු ළමයෙක් සහ අවුරුදු 14ක පිරිමි ළමයෙක් ද වනවා.
මියගිය අනෙක් කාන්තාවන් දෙදෙනාගේ වයස අවුරුදු 20 සහ 30 වයස්වල පසුවන බවයි පොලිසිය කියාසිටියේ.
කාන්තාවන් උස්වැටකෙයියාව ප්රදේශයේ පදිංචි අතර පිරිමි ළමයා කඳාන කන්දෙවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
Share This Article