ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂ 89 ඉක්මවයි
Sunday, 21 June 2020 - 8:26 | Views - 703

එමෙන්ම, ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට අසූ නව ලක්ෂය ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 466,684 ක්.
එමෙන්ම බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 50,000 ඉක්මවූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1,070,000 ක්.
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයන් 2330,000ක් සහ මරණ 121,000 ක් වාර්තාවනවා.
කෙසේ වෙතත් කොරෝනා අවදානම නොතකා, කොවිඩ් 19 වසංගතය ආරම්භවීමෙන් පසු පැවැත්වෙන ජනපති ට්‍රම්ප්ගේ 2020 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු රැළිය ඔක්ලෝහෝමා හි ටුල්සා නුවර ගෘහස්ථ ක්‍රීඩාංගණයකදී අද පැවැත්වෙනවා.
ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පසුගිය මාර්තු මාසයේ නතර කරනු ලැබුවේ කොවිඞ් 19 වසංගතය ආරම්භවීමත් සමඟයි.
කෙසේ නමුත් අද පැවැත්වෙන රැළියේදී කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානමක් පවතින බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.
එය සංවිධාන කරන ප්‍රචාරක කණ්ඩායමේ හයදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී අවසන්.
ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි එය මෙලෙස පැවැත්වෙන්නේ.
Share This Article