ඉන්දියාව ප්‍රහාරක යානා ස්ථානගත කරයි
Saturday, 20 June 2020 - 14:47 | Views - 4,593
සිය දේශසීමා රැක ගැනීම උදෙසා අවශ්‍ය වුවහොත් හමුදා බලය යෙදවීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඒ, ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේ චීන දේශසීමා භටයන් සමඟ ඇති වූ ගැටුමකදී ඉන්දීය සෙබලුන් 20 දෙනෙකු මිය යාමේ සිද්ධිය පිළිබදව අදහස් දක්වමින්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය දේශසීමාව තුළ විදේශීය හමුදා සෙබලුන් නොමැති අතර, භූමිය අහිමිවීමක් ද සිදුවී නොමැති බවයි.

හිමාලය හරහා වැටී ඇති ඉන්දු - චීන දේශසීමාවේ ඇතිවු ගැටුමේදී දෙපාර්ශවයටම බරපතල හානි සිදුවූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.

රූපවාහිනිය ඔස්සේ ඊයේ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය සියළු ඉදිරි පියවර සදහා ඉන්දීය හමුදාව වෙත පූර්ණ බලය පවරා ඇති බවයි.

මේ අතර, දේශසීමාවේ චීන කඳවුරු ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කදවුරු වෙත ප්‍රහාරක යානා යැවීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව ද නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top