සිය දේශසීමා රැක ගැනීම උදෙසා අවශ්‍ය වුවහොත් හමුදා බලය යෙදවීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඒ, ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේ චීන දේශසීමා භටයන් සමඟ ඇති වූ ගැටුමකදී ඉන්දීය සෙබලුන් 20 දෙනෙකු මිය යාමේ සිද්ධිය පිළිබදව අදහස් දක්වමින්.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය දේශසීමාව තුළ විදේශීය හමුදා සෙබලුන් නොමැති අතර, භූමිය අහිමිවීමක් ද සිදුවී නොමැති බවයි.
හිමාලය හරහා වැටී ඇති ඉන්දු - චීන දේශසීමාවේ ඇතිවු ගැටුමේදී දෙපාර්ශවයටම බරපතල හානි සිදුවූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.
රූපවාහිනිය ඔස්සේ ඊයේ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය සියළු ඉදිරි පියවර සදහා ඉන්දීය හමුදාව වෙත පූර්ණ බලය පවරා ඇති බවයි.
මේ අතර, දේශසීමාවේ චීන කඳවුරු ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කදවුරු වෙත ප්‍රහාරක යානා යැවීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව ද නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළා.