මාර්ග අනතුරු යළි ඉහළට දැනුවත් කිරීමේ වැඩසටහන් යළි අරඹන්නැයි ඇමති අමරවීරගෙන් උපදෙස්
Saturday, 20 June 2020 - 14:31 | Views - 374
මාර්ග අනතුරු යළිත් දිනපතා ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වාගැනීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් යළි අරඹන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා වසංගතය හේතුවෙන් පැවති ඇඳිරි නීතිය නිසා මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරුවල අවම වීමක් පෙන්නුම් කළ බවයි.
එහෙත් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග මේ වනවිට යළිත් මාර්ග අනතුරු නිසා සිදුවන අනතුරු හා බරපතල තුවාල මෙන්ම මරණද ඉහළ යමින් පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
එසේම පසුගිය ජනවාරි 1 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාර්ග අනතුරු පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසටද අමාත්‍ය මහින්ද අමරවීර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article