බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්රාවක් අනතුරක
Saturday, 20 June 2020 - 13:08 | Views - 497
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්රාවක් අනතුරට ලක්ව තිබෙනවා.
දින දෙකකට පෙර මුහුදු ගිය අදාළ යාත්රාව අද අලුයම කාර්මික දෝෂයක් නිසා බේරුවල වරායේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබී ඇති අතර, පසුව එහි හිමිකරු ඒ පිළිබඳව බේරුවල පොලීසිය දැනුවත් කර තිබෙනවා.
අනතුරුව තවත් කුඩා යාත්රාවක් එය මුදාගැනීම සඳහා අද අළුයම පිටත්ව ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් යාත්රාව යළි වරායට රැගෙන එන අතරතුර රළ පහරකට හසුවීමෙන් පර්වතයක ගැටී එය පෙරළී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්රාවේ ධීවරයන් පස්දෙනෙකු සිට ඇති අතර, ඔවුන් දිවි ගළවා ගැනීමට සමත් වුණා.
Share This Article